වයස අවුරුදු 13 න් පහළ යුගල බැඩ්මින්ටන් තරගාවලිය මහනුවර නගර සභා ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී මේ දිනවල පැවැත්වෙනවා. මහනුවර ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ පාසල සත්කාරකත්වය දක්වන මෙවර තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500 ක් එක්ව සිටිනවා. ඒ පාසල් 120 ක් නියෝජනය කරමින්.
ඔවුන් ඉසව් කිහිපයක් යටතේයි තරග බිමට පිවිසෙන්නේ. තරගාවලිය අනිද්දා අවසන්වීමට නියමිතයි. තරගාවලියේදී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදිරියේදී ජාත්‍යන්තර තරගාවලි සදහා අවස්ථාව හිමිවන බව ජාතික පාසල් බැඩ්මින්ටන් සංගමය සදහන් කරනවා.