සමස්ථ ලංකා පාසල් වයස අවුරුදු 16 න් පහළ හොකී තරගාවලිය මේ දිනවල මාතලේ දී පැවැත්වෙනවා. මෙවර තරගාවලිය සදහා බාලක කණ්ඩායම් 40 ක් හා බාලිකා කණ්ඩායම් 16 ක් එක්ව සිටිනවා. ක්‍රීඩාංගණ තුනකදීයි තරගාවලිය පැවැත්වෙන්නේ. කෙසේ වෙතත් මෙම ක්‍රීඩාංගන හොකී ක්‍රීඩා කළ හැකි තත්වයක් නැහැ.
ක්‍රීඩාංගනවල තණකොළ තැනින් තැන උසට වැවී ඇති අතර අපිරිසිදු තත්ත්වයක් ද පවතිනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා මූලික අවශ්‍යතා සපුරා ගැනීම සදහා පහසුකම් ද මෙහි නොමැති බවයි වාර්තාවන්නේ. දින 04 ක් පුරා පැවැත්වෙන තරගාවලියේ අවසන් මහා තරග එඩ්වඩ් පාර්ක් ක්‍රීඩා පිටියේ දී හෙට පැවැත්වීමට නියමිතයි.