ඇෆ්ගනිස්ථානයේ අයි එස් සංවිධාන නායකයෙකු ඇමෙරිකා හමුදා ගුවන් ප්‍රහාරයකින් මීට සති කිහිපයකට පෙර ජීවිතක්ෂයට පත් වූ බව ඇමෙරිකා හමුදා තහවුරු කර තිබෙනවා.
අගෝස්තු මස 25 වැනිදා නැගෙනහිර නගර්හර් ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අයි.එස් සංවිධාන නායක අබූ සයද් ඔරක්සායි මිය ගිය බව ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකා හමුදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා. නායකයින් දස දෙනෙකු මිය ගිය බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණේ. මේ අතර 2016 ජුලි මාසයේ සිට අබූ සයද් ඔරක්සායි ජීවිතක්ෂයට පත්වූ බවට වාර්තා පල වූ තුන්වැනි අවස්ථාව මෙය වනවා.