fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරියටත් වැස්ස නෑ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2018 12:32

ඉදිරියටත් වැස්ස නෑ

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වැනි දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින(04)දහවල් 12.09 ආඬිඅම්බලම, නාරන්ගොඩ, ගෙවිලිපිටිය, කරමැටිය, රදළියගොඩ, නිල්ගල සහ පානන්කාඩු යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.  දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල  සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කී.මී. 25-35 පමණ වේ. හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40-50 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී. එවිට, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2018 12:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්