fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හබරාදූවේ ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමට දැඩි ජනතා විරෝධයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2018 19:12

හබරාදූවේ ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමට දැඩි ජනතා විරෝධයක්

ගාල්ල හබරාදූවේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමට දැඩි ජනතා විරෝධයක් එල්ලවුණා.  ඒකාබද්ධ විපක්ෂය පැවැත්වීමට සැලසුම් කර ඇති රැළිය පිළිබද දැනුවත් කිරීම වෙනුවෙනුයි මෙම රැස්වීම පැවැත්වුණේ. ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජන රැළියට සහභාගී වන ලෙස දැනුවත් කෙරෙන රැස්වීම් කිහිපයක් ගාල්ල දිස්ත්‍රික්කයේ සංවිධාන කර තිබෙනවා. හබරාදූවේ රැස්වීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහභාගී වන බවට පෝස්ටර් මගින් දැනුවත් කර තිබුණා. එහෙත් එම රැස්වීමට සහභාගී වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත හා චන්දිම වීරක්කොඩි යන මහත්වරුන් පමණයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි,

කෙසේ වෙතත් චන්දිම විරක්කොඩි මහතා පමණක් දැනුවත් කිරීමේ රැස්වීමට සහභාගී වීම සම්බන්ධයෙන් ජනතාව විරෝධය පළකළා. පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ඔවුන් ප්‍රකාශ කළේ ප්‍රතිපත්තියක් නැති ජනතා නියෝජිතයින් තම පක්ෂය ප්‍රතික්ෂේප කරන බවයි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් ද උද්ඝෝෂණයට එක්ව සිටියා.  තම වාසිය ගැන පමණක් සිතා ක්‍රියා කරන දේශපාලනඥයින්ට නිරන්තරයෙන් ප්‍රතික්ෂේප වන බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර,

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2018 19:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo