fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නික්-ප්‍රියංකා විවාහය ‘බීච් වෙඩින්’ එකක්ලු

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2018 15:14

නික්-ප්‍රියංකා විවාහය ‘බීච් වෙඩින්’ එකක්ලු

ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස්ගේ විවාහ ගිවිස ගැනීම පසුගියදා මුම්බායි නුවර පිහිටි ප්‍රියංකාගේ නිවසේදී සිදුවුණා. දැන් ලොවම බලා සිටින්නේ මේ දෙදෙනාගේ විවාහ මංගල උත්සවය ගැන තොරතුරු දැන ගන්නයි.

ඒ අනුව ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල්‍යය පැවැත්වෙන්නේ හවායි දූපත්වලදී බවටයි හොලිවුඩ් පුරවරයෙන් ලැබෙන නැවුම් පුවත් වාර්තා කරන්නේ.

නික් ජොනාස් වඩාත් ම කැමැත්තක් දක්වන්නේ හවායි දූපත්වලට නිසාලු මෙවැනි තැනක විවාහ මංගල උත්සවය පැවැත්වීමට අදහස් කර ඇත්තේ. එමෙන්ම පැපරාසින්ගෙන් බේරී සිටීමටත් මෙම තීරණය ගත් බවටයි, මනාල යුවළ පවසන්නේ.

හින්දු චාරිත්‍ර වාරිත්‍රවලට මුල් තැන දෙමින් ප්‍රියංකා-නික් විවාහ ගිවිස ගත්තද ඔවුන්ගේ මංගල්‍යය ‘බීච් වෙඩින්’ එකක් බවට පත්වීමට ඉඩ ඇතැයිද ආරංචි පැතිරෙනවා.

කෙසේ නමුත් ප්‍රියංකා සහ නික්ගේ විවාහ මංගල උත්සවය පැවැත්වෙන දිනය ගැන නම් තවමත් නිශ්චිතවම තීරණයක් ගෙන නැති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 2, 2018 15:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo