ලක්ෂ 88 ක මත්කුඩු කඩවත දී අල්ලයි
Related Articles
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 740 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකය සමත් වුණා. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 88 ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
කඩවත – මංකඩ පාර ප්රදේශයේදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 740 යි මිලි ග්‍රෑම් 145 ක් සමග සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැණුනා. ඔහුගේ වයස අවුරුදු 38 ක්.
සැකකරු ළග තිබී රුපියල් දෙලක්ෂ තිස්තුන්දහසකට වැඩි මුදලක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකය සදහන් කරන්නේ. මේ අතර යතුරුපැදියක් හා ජංගම දුරකතනයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.