fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැරම් ලෝක ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 31, 2018 16:37

කැරම් ලෝක ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

පස්වන කැරම් ලෝක ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම අද (30) දහවල්  දිවයිනට පැමිණියා. ඔවුන් පිළිගැනීම සදහා විශාල පිරිසක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ සිටියා.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම හා ඉන්දීය පිරිමි කණ්ඩායම අතර පැවති අවසන් මහා තරගයේදී දෙකට එකක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජය ගත්තා. නිශාන්ත ප්‍රනාන්දු, කේ සගයභාරතී පරාජය කළ අතර චමිල් කුරේ, ප්‍රශාන්ත් මෝරේ පරාජය කළා. මේ අතර ශ්‍රී ලංකා කාන්තා කැරම් කණ්ඩායම ද ලෝක කුසලාන අනුශූරතාව දිනා ගැනීමට සමත්වුණා. රශ්මි කුමාරි, චලනි ලක්මාලි ලියනගේ, යෂිකා රාහුබද්ද අවසන් තරගයට ක්‍රීඩා කළා. කැරම් ලෝක ශූරතා තරගාවලිය පැවැත්වුණේ කොරියාවේ චුන් චියෝන් නගරයේදීයි.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 31, 2018 16:37

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්