fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දඹුල්ල කණ්ඩායමට ලකුණු 05 ක තියුණු ජයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 31, 2018 16:31

දඹුල්ල කණ්ඩායමට ලකුණු 05 ක තියුණු ජයක්

ශ්‍රී ලංකා ප්‍රිමිය ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 05 ක තියුණු ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත්වුණා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට දඹුල්ල කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 140 ක් ලබා ගත්තා. නායක ඉසුරු උදාන නොදැවී ලකුණු 41 ක් රැස්කළා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලබා ගත හැකිවුනේ ලකුණු 135 ක් පමණයි. අමිල අපොන්සු කඩුලු 03 ක් දවා ගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 31, 2018 16:31

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්