fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2018 17:11

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

උතුර, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වල සිහින් වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කන්කසන්තුරය සිට මුලතිවු හරහා ත්‍රීකුණාමලයදක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයකසවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසිහෝගිගුරුම්සහිතවැසිඇති විය හැකිඅතරදිවයින වටා වන සෙසුමුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකියි.

කොළඹ සිටගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවලසුළං බස්නාහිර දෙසින් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවලසුළං නිරිත දෙසින් හමයි. සුළගේ වේගය පැ.කී.මී.30-40 පමණ වේ.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලසුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතී.එවිට, එම මුහුදු ප්‍රදේශ තරමක් රළු වනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2018 17:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්