දකුණු නවසීලන්තයේ ගම්මානයක බළලුන් ඇති කිරීම තහනම් කිරිමට ප්‍රාදේශීය බලධාරින් තීරණය කර තිබෙනවා. ඒ පක්ෂීන් සහ ක්ෂීරපායින් විශාල පිරිසක් බළලුන්ට ගොදුරුවී මිය යැම හේතුවෙන්.
මූලික අදියරක් ලෙස ගෘහස්ථව ඇති කරන බළලුන් වන්ද්‍යාකරණයට ලක්කෙරෙනවා. එය බළලුන් ලේඛනගත කිරිමට ද නවසීලන්ත බලධාරින් සැළසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බළලෙකු මිය ගිය පසු යළි එම නිවසේ වෙනත් බළෙලෙකු ඇති කිරිම ද තහනම් කෙරෙනවා.