පසුගිය රජය සමයේ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාවේ හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන මස 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
සැකකරුට සැගවී සිටීමට ආධාර අනුබල දුන් බවට හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය දැනුම් දුන්නා.