fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුරුංගා පත්‍ර ආශ්‍රිත ආහාර නිෂ්පාදනයට කර්මාන්ත ශාලාවක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2018 10:02

මුරුංගා පත්‍ර ආශ්‍රිත ආහාර නිෂ්පාදනයට කර්මාන්ත ශාලාවක්

ශ්‍රී ලංකාවේ ඉබේ වැවෙන ශාකයක් වන මුරුංගා (Morenga – Cassia Fistulosa ) කරල් ආහාරයට ගත්ත ද, මුරුංගා කොළ අපේ රටේ තවමත් එතරම් ජනප්‍රිය නොවූ ආහාරයකි.මුරුංගා පත්‍රවල බහුල වශයෙන් විටමින් B, විටමින් C, ප්‍රෝවිටමින් A, බීටා කැරොටින්, විටමින් K, මැංගනීස් හා ප්‍රෝටීන් ද වෙනත් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසකින් ද සමන්විත ය.මුරුංගා පත්‍රවල කැල්සියම් ඔක්සලේට් ප්‍රමාණය නිවිතිවලට වඩා විසිපස් ගුණයකට වඩා ඉහළ මට්ටමක පවතී.

එමෙන්ම නිවිතිවල බහුල වශයෙන් තිබෙන යකඩ ඉක්මනින්ම මිනිස් සිරුරට අවශෝෂණය වන්නේ නැත. නමුත් මුරුංගා පත්‍රවල ඇති යකඩ ඉක්මනින්ම මිනිස් සිරුරට අවශෝෂණය වන නිසා මුරුංගා පත්‍ර ආහාරයට ගැනීම මඟින් සාර්ථක ප්‍රතිඵල අත්වේ.

වසර සිය ගණනක් තිස්සේ අපේ රටේ මුරුංගා ශාකය පැවතිය ද මෙතෙක් ඉන් නිසි ප්‍රයෝජනයක් ගෙන නැත. එම නිසා මෙතෙක් කිසිදු අවධානයට ලක් නොවූ මුරුංගා ශාකයේ පත්‍ර ආශ්‍රිතව ආහාර නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත ශාලාවක් හම්බන්තොට ස්ථාපිත කිරීමට චීන ආයෝජකයින්පිරිසක් එකඟතාවය පළ කර ඇත.

මෙම නියෝජිත පිරිස සමඟ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය සතියේ සාකච්ඡා කළ අතර එම සාකච්ඡාවේදී ඔවුන් මුරුංගා පත්‍ර ආශ්‍රිතව නිපදවිය හැකි නිෂ්පාදන රැසක් අන්තර්ජාතික වෙළඳපොළට හඳුන්වා දීමට තීරණය කර ඇත.

විශේෂයෙන්ම මුරුංගා පත්‍ර වියලා ගැනීම තුළින් සකස්කරගත හැකි පානයක්, මෙන්ම සුප් සහ සෝස් වශයෙන් ද නිපදවිය හැකි ය.ඊට අමතරව මුරුංගා කරල් සහ මුරුංගා ඇටවලින් තෙල් ලබාගැනීමටත් අපේක්ෂා කරයි. මුරුංගා ඇටවල ඇති මේදය කොලෙස්ටරෝල් පාලනයට ඉතාමත්ම හිතකර වන බව එම ආයෝජකයින් පිරිස අමාත්‍යවරයාට පැහැදිලි කළේ ය.

මෙම කර්මාන්තශාලාව පිහිටුවීමෙන් අනතරුව හම්බන්තොට ප්‍රදේශයේ ජනතාවට මුරුංගා වගාවක් ලෙස සිදුකර අමතර ආදායමක් උපයා ගැනීමට හැකි අවස්ථාවන් ද උදාවන බව පැවසූ කෘෂීකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අපේ රටේ මෙවැනි තවමත් අවධානයට යොමු නොවූ ස්වභාවික සම්පත් උපයෝගී කර ගැනීම මඟින් ජනතාවට ආදායම් උපයා ගත හැකි මාර්ග සම්පාදනය කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉලක්කය බව ද කීය.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2018 10:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33