fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙවුන්දර කළණට අධිකරණයේ පිහිට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2018 17:45

දෙවුන්දර කළණට අධිකරණයේ පිහිට

දෙවුන්දර ශ්‍රී විශ්ණු දේවාලයේ දැඩි වධ හිංසා විඳිමින් සිටි කළණ හස්තියා භාර ඇත්ගොව්වා සහ දේවාලයේ බස්නායක නිළමේගේ ලේකම්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදුන්නා.  දෙවුන්දර ශ්‍රී විශ්ණු දේවාලයේ ගාල්කර සිටි කලන හස්තියා වසර ගණනාවක් පුරා දරුණු වධ හිංසාවකට ලක්ව සිටියා. මේ පිළිබද අයිටීඑන් ප්‍රවෘත්ති තුළන් හෙළිකළා. වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (27) එහි ගොස් තොරතුරු සොයා බැලුවා. එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ගන්දර පොලීසියට පැමිණිල්ලක් ද සිදු කළා.

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේගේ ලේකම් වන සුනිල් ශාන්ත කොළඹගේ සහ ඇත්ගොව්වා වන කිරිමුදියන්සේලාගේ ධනුෂ්ක යන අය අත්අඩංගුවට ගත් පොලීසිය මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත කළා. රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප 2ක් මත සැකකරුවන් නිදහස් කිරීමට අධිකරණය පියවර ගත්තා.  හස්තියාගේ පිරිසිදු කිරීම් හා නඩත්තු කටයුතු නිසි පරිදි සිදු කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට අවධාරණය කළා.  මීළග නඩු වාරයේදී ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට නියෝග කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2018 17:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්