එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය මොනරාගලදී හෙට ආරම්භ වනවා. ඊට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම්ව පවතිනවා. ඒ පිළිබඳ සොයා බැලීමට අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුලු මැතිඇමතිවරුන් පිරිසක් ප්‍රදර්ශන භූමියේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා.
ව්‍යවසායකයන් දිරිගන්වන විස්සයි විසිපහ මත පදනම් වූ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ සංහිදියාව, ප්රජාතන්ත්රවාදය සහ සංවර්ධනය යන තේමාවෙන්. ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් බවට පත්කිරීමේ අරමුණෙන් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි. මේ පිළිබද ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙන් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය සංවිධාන කරන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයයි.
ජනාධිපතිතුමාගේ ආශිර්වාදය හා උපදෙස් මත සංවිධාන කෙරෙන මෙම ප්‍රදර්ශනය හෙට විවෘත කෙරෙනුයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින්. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නීතිය හා සාමය පිලීබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රදර්ශන භූමිය නිරීක්ෂණය කිරිම සදහා අද එහි සංචාරයක නිරත වුණා.
එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය ලබන 31 වනදා දක්වා පැවැත්වෙනවා. කලාප 12 කින් සහ ප්‍රදර්ශන කුටි 515 කින් එය සමන්විතයි. පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ප්‍රදර්ශකයන් 204 ක් සහිත දැවැන්ත අධ්‍යාපන කලාපයක් ද ඊට ඇතුළත්. ව්‍යවසායකයින්ට ණය ලබාදෙන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම පිළිබද දැනුවත් කිරීම ව්‍යවසායකත්ව කලාපය යටතේ සිදුකෙරෙනවා. නව ව්‍යවසායකයින්ට එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා දත්ත පද්ධතියේ ලියාපදිංචිවීමට ද මෙහිදී හැකියි. ප්‍රදර්ශනය තුළදීම රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින් ව්‍යාපාරික ණය ඉල්ලුම්කළ හැකිවීම විශේෂත්වයක්.
නව ව්‍යාපාර ආරම්භ කිරීමට තාක්ෂණික දැනුම ලබාදෙන උපදේශන සේවාද ක්‍රියාත්මකයි. ව්‍යවසායකයින්ට සිය ව්‍යාපාර ප්‍රදර්ශනය තුළදීම ලියාපදිංචිකිරීමේ අවස්ථාවද මෙමගින් උදාවනවා. කෙටිකාලීන සහතික පත්‍ර පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ලබාදී ප්‍රදර්ශනය තුළදීම සහතිකපත් නිකුත් කිරීම ද විශේෂත්වයක්. නව ව්‍යවසායකයින්ට නව වෙළෙදපොල හා සම්බන්ධවීමට ද මෙමගින් හැකිවනවා. සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල සේවාවන් ලබා ගැනීමට ද ප්‍රදර්ශන කලාපයක් වෙන්කර තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ විශේෂ ප්‍රදර්ශන කලාපද ඊට ඇතුළත්. අධ්‍යාපන කලාපයට ද විශේෂාංග රැසක් එක්වනවා.
නීල හරිත කලාපය තුළදී විදුලිබලයෙන් ධාවනය වන ත්‍රිරෝද රථ සහ විවිධ වාහන පිළිබද දැනුවත් කෙරෙනවා. සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන උපකරණ / සමුද්‍ර සහ වෙරළ ආරක්ෂණ ආර්ථිකමය ව්‍යාපාර පිළිබද දැනුම ලබාදීම ඊට අයත්. විද්‍යා තාක්ෂණික නව නිපැයුම් පිළිබද තොරතුරු නව නිපැයුම් කලාපයෙන් ලබාගත හැකියි. සංහිදියා කලාපය තුළින් අහන්න ගීතය සමග සංහිදියාව පිළිබද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා.
ක්‍රිඩා සහ පෞරුෂ වර්ධන කලාපයක් ද ප්‍රදර්ශනයට ඇතුළත්. අපනයන මට්ටමේ නිමි ඇදුම් සහ සියලුම භාණ්ඩ මෙන්ම විවිධාකාර ආහාරපාන වෙළෙඳ කලාපය තුළින් ලබාගත හැකියි. මාධ්‍ය සහ ප්‍රකාශන කලාපය සමන්විත වන්නේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතනවල සජීව විකාශයන් ද සමගයි. අයිටිඑන් මාධ්‍ය කුටියක් ද මෙම කලාපය තුළ ස්ථාපනය කර තිබෙනවා. එහිදී මාධ්‍ය ආයතනයක් තුළ සිදුවන ක්‍රියාකාරකම් රැසක් සජීවීව දැක බලා ගැනීමට අවස්ථාව උදා වනවා.
වෙබ් මාධ්‍යවේදීන්ගේ විශේෂ ප්‍රදර්ශන කුටි සහ දේශන මාලා ඇතුළු මාධ්‍ය ක්‍රියාකාරකම් රැසක් ඊට ඇතුළත්. වකුගඩු රෝග සහ මත්ද්‍රව්‍ය නිවාරණය මෙන්ම කාබනික පොහොර පිළිබද දැනුවත් කිරීම ජනාධිපති කාර්ය සාධන බලකා කලාප තුළින් සිදුවනවා. විනෝද ක්‍රීඩා සහ දිනපතා සංගීත සංදර්ශන පිළිබද කලාපයක් ද එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයට ඇතුළත්.