වැව් දහසක් ගම් දහසක් වැඩසටහනේ තවත් වැඩසටහනක් වලස්මුල්ල නවනැලිය ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරුණා. එහි 312 වැනි වැඩසටහන ලෙස නවනැලිය, ගල් ඉදි වැව ප්‍රතිසංස්කරණය ආරම්භ කෙරුණා.
වැව් දහසක් ගම් දහසක් වැඩසටහන යටතේ නවනැලිය, ගල් ඉදි වැව ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කෙරුනේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සදහා වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 150ක්. මීට සමගාමීව ප්‍රදේශයේ යටිතල පහිසුකම් සංවර්ධනයද සිදු කෙරෙනවා. නවනැලිය ප්‍රදේශයේ ගොවි ජනතාව සදහා පොහොර බෙදා දීම ඇතුළු වැඩසටහන් රැසක්ද මෙහිදී ක්‍රියාත්මක කෙරුණා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණවලට ඉදිරිපත් වීමට කිසිදු බියක් නැති බවයි.
අමාත්‍ය මහින්ද අමරවීර,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=7cckj8EF_hE&feature=youtu.be”]