fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැරම් ලෝක ශූරතාව ශ්‍රී ලංකාවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2018 18:15

කැරම් ලෝක ශූරතාව ශ්‍රී ලංකාවට

කැරම් ලෝක ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. ඒ ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින්. ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම හා ඉන්දීය පිරිමි කණ්ඩායම අතර පැවති අවසන් මහා තරගයේදී දෙකට එකක් ලෙසයි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජය ගැනීමට සමත්වුණේ. නිශාන්ත ප්‍රනාන්දු, කේ සගයභාරතී පරාජය කළ අතර චමිල් කුරේ, ප්‍රශාන්ත් මෝරේ පරාජය කළා.

මේ අතර ශ්‍රී ලංකා කාන්තා කැරම් කණ්ඩායම ද ලෝක කුසලාන අනුශූරතාව දිනා ගැනීමට සමත්වුණා. රශ්මි කුමාරි, චලනි ලක්මාලි ලියනගේ,යෂිකා රාහුබද්ද අවසන් තරගයට ක්‍රීඩා කළා. කැරම් ලෝක ශූරතාව පැවැත්වුණේ කොරියාවේ චුන් චියෝන් නගරයේදීයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2018 18:15

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්