මියන්මාරයේ ඉහළ පෙලේ හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව සමූහ ඝාතන චෝදනා යටතේ පරීක්ෂණ සිදු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
රොහින්ජා ජනතාවට එරෙහිව භීෂණය ක්රියාත්මක කිරීමේ චෝදනාවටයි මියන්මාර හමුදා නිලධාරීන් ලක්ව ඇත්තේ. භීෂණ තත්ත්වය මැඩ පැවැත්වීම සදහා එරට ප්රබල නායිකාවක වන අවුන්සාන් සූචි මැදිහත් නොවීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබෙනවා. රොහින්ජාවරුන්ට එරෙහිව ක්රියාත්මක වූ භීෂණය සම්බන්ධයෙන් අන්තර්ජාතික අපරාධ අධිකරණයේ නඩු විභාගයක් පැවැත්විය යුතු බවයි එක්සත් ජාතීන්ගේ වාර්තාව සදහන් කොට ඇත්තේ. කෙසේ වෙතත් මියන්මාර රජය දිගින් දිගටම සදහන් කළේ තමන් හුදෙක් සන්නද්ධ කණ්ඩායම අරමුණු කරගනිමින් මෙහෙයුම් ක්රියාත්මක කල බවයි. කිසියම් රටකට එරෙහිව එල්ලවන බරපතලම චෝදනාවක් ලෙසයි සමූහ ඝාතන හදුනා ගැනෙන්නේ.
මේ අතර මියන්මාරයේ හමුදා නිලධාරීන් ඇතුළු 20 දෙනෙකුගේ ෆේස්බුක් ගිණුම් ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම කටයුතු කර තිබෙනවා. වෛරී ප්රකාශන නිකුත් විම වැළැක්වීමේ අරමුණිනුයි මෙම ක්රියාමාර්ගය ගෙන ඇත්තේ.