දේශප්‍රේමීත්වය ගැන කතා කරන පසුගිය පාලකයින් ජනතාවගේ මුදල් පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් අශිෂ්ඨ ලෙස පරිහරණය කළ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එවැනි පිරිස් ජනතාවගෙන් බලය ඉල්ලා සිටිම විහිළුවක් බවයි අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කලේ. අනුරාධපුර, පලාගල ප්‍රදේශයේ ඉදිකල සෝමාදේවීගම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම අද සිදු කෙරුණා. සැමට සෙවන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 111 වන ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 22 කින් සමන්විත අංගසම්පූර්ණ ගම්මානය ඉදිකිරීම සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 225 ක්. නිවාස හිමිකම් පත්‍ර හා අඩු ආදායම් ලාභී පවුල් සියයකට විසිරි නිවාස ණය ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. වකුගඩු රෝගීන් 50 දෙනෙකුට රුපියල් ලක්ෂ 127 වටිනා නිවාස ආධාරද මෙහිදී ප්රදානය කළා.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස,
[ot-video type=”youtube” url=”https://youtu.be/Ukg5pOvi-L8″]
අමාත්‍ය පී හැරිසන්, චන්දිම ගමගේ, ඉසාක් රහුමාන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටියා.