ඉන්දියාවේ කඩාවැටුණු ගොඩනැගිල්ල තුළ සිරවූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව
Related Articles
ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුවෙන් සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙනවා. මෙම අනතුරෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වුණා.
ඉන්දියාවේ අහමදාබාද් නගරයේ පිහිටි මහල් 04කින් යුත් ගොඩනැගිල්ලකුයි මෙසේ කඩා වැටී ඇත්තේ. අනතුර හේතුවෙන් දස දෙනෙකු පමණ සුන්බුන් අතර සිරවී සිටින බවට තොරතුරු වාර්තා වුණා. ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම් ක්රියාත්මක කෙරුණු අතර හතර දෙනෙකු බේරාගැනීමට සහන කණ්ඩායම්වලට හැකි වුණා. ඉන්දියාවේ ගොඩනැගිලි කඩා වැටීම් බහුලව වාර්තා වන අතර ප්රමිතියෙන් තොර ඉදිකිරීම් ඊට හේතු වී තිබෙනවා.