fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලන හිරකාරයෙක් වූ ”කළණ”

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2018 13:11

දේශපාලන හිරකාරයෙක් වූ ”කළණ”

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයට අයත් “කළණ”නම් හස්තියාට වධහිංසා කිරීම සම්බන්ධයෙන් වනජීවී ආඥා පනත යටතේ නීතිමය පියවර ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

අද (27) පෙරවරුවේ වනජීවී නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා මෙම හස්තියා නිරීක්ෂණය කළ අතර, ඉන්පසු ඇමැතිවරයා විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත්තේ මීට වගකිවයුත්තන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

“කළණ” නම් හස්ති රාජයාගේ ඉදිරිපස දකුණු පාදය දම්වැලට කැපීමෙන් බරපතළ ලෙස තුවාල වී තිබේ. මේ තුවාලය හටගැනීමට හේතු වී ඇත්තේ 2015 වසරේ සිට දේවාල භූමියේ එකම ස්ථානයක කළණ ගැටගසා තැබීමයි. 2011 වසර තෙක් කළණ හස්තියා රැකබලාගත් ඇත්ගොව්වා 2011 ජුලි මාසයේ එම වගකීමෙන් ඉවත් වී ඇත. ඊට හේතු වී ඇත්තේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් දෙවිනුවර දේවාලයට “ලසඳා” නම් ඇතින්න පූජා කිරීමයි.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංක 267 හිමි ලසඳා නම් ඇතින්න බලාගැනීමේ වගකීම පැවරී ඇත්තේ එතෙක් කළණ බලාගත් ඇත්ගොව්වාටය. මේ නොසලකා හැරීමත් සමග 2015 වසරේ සිට දම්වැල් වලින් ගැටගසා තිබු කළණට, දිය නෑමට, පෙරහැරේ යෑමට හෝ ඇවිද යෑමට කිසිදු අවස්ථාවක් ලැබුණේ නැත. පෙරහැර පැවැති සමයේ මද කිපීම නිසා ඊට සහභාගි වීමට තිබූ අවස්ථාවද අහිමි වී තිබේ.

කළණ මෙසේ නොසලකා හැර ඇත්තේ දෙවිනුවර දේවාල බලධාරීන්ගේ දේශපාලන විරසකයක් නිසා බව දේවාලයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කළණ හස්තියා දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයට පරිත්‍යාග කෙරුණේ 1989 වසරේ නොවැම්බර් 05 වැනිදා එවකට ජනාධිපති ධුරය දැරූ  රණසිංහ ප්‍රේමදාස මහතා විසිනි. මේ වන විට කළණට ප්‍රතිකාර කිරීම සඳහා පින්නවල අලි අනාථාගාරයේ වෛද්‍යවරුන් පිරිසක් පැමිණ සිටිති.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2018 13:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්