නීති විරෝධී ලෙස වැලි ප්රවාහනය කළ සැකකරුවන් පිරිසක් වවුනියාව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැලි ප්රවාහනය කළ ටිපර් රථ 2 ක් සහ ට්රැක්ටර් රථ තුනක් ද සමගයි.
වව්නියාව , සෙට්ටිකුලම් ප්රදේශයේ දී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාලයක සිට ඔවුන් නීති විරෝධී ලෙස මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ. වැලි ප්රවාහනය කරමින් තිබූ ටිපර් සහ ට්රැක්ටර් රථ ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණා. සැකකරුවන් වව්නියාව මහේස්ත්රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.