fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“තෙවන ඇස – THIRD EYE” අන්තර් විශ්ව විද්‍යාලයීය ඡායාරූප තරඟය සඳහා අයදුම්පත් භාර ගැනේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2018 09:39

“තෙවන ඇස – THIRD EYE” අන්තර් විශ්ව විද්‍යාලයීය ඡායාරූප තරඟය සඳහා අයදුම්පත් භාර ගැනේ

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “තෙවන ඇස – THIRD EYE” අන්තර් විශ්ව විද්‍යාලයීය ඡායාරූප තරඟය සඳහා අයදුම්පත් භාර ගැනීම මේ දින වල සිදු වෙනවා. මේ තරඟය විශ්ව විද්‍යාල සිසුන්ට වගේම අනෙක් වෘත්තිකයන්ටත් විවෘතයි. ඉතින් ඔබත් ඡායාරූපකරණයේ දක්ෂයෙක් නම් මේ අවස්ථාව මග හරින්න එපා.

ඉදිරිපත් කෙරෙන ඡායාරූප වලින් හොඳම ඡායාරූප සැප්තැම්බර් මස 13, 14 යන දෙදින තුළ කොළඹ වෛද්‍ය පීඨයේ පැවැත්වෙන තෙවන ඇස ඡායාරූප ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කෙරෙනවා. තරඟයේ ශිෂ්‍ය සහ විවෘත යන කාණ්ඩ දෙකේම පළමුවන, දෙවන සහ තුන්වන ස්ථාන හිමි කරගන්නා ජයග්‍රාහකයන් 6 දෙනාට වටිනා ත්‍යාග ලබා දීමට අනුග්‍රාහක භවතුන් සූදානම්.

ඔබ විසින් ලබා ගත් ඡායාරූප වල ඉලෙක්ට්‍රොනික පිටපත් (soft copies) සැප්තැම්බර් මස 8 වැනිදාට පෙර මෙහි සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනයට එවිය යුතුයි. තරඟයේ මූලික නීති රීති පහතින් දක්වලා ඇති. ඒ නීති රීති හොඳින් කියවලා තේරුම් ගන්න. අයදුම් පත පහත ලින්ක් එක මගින් ලබා ගන්න

https://drive.google.com/…/1MvTi7osqU6ELeH4SFxZ6DKOhW3…/view

තරඟය ගැන වැඩි විස්තර දැනගන්නට මෙහි දක්වා තියෙන දුරකථන අංක වලට අමතන්න.

ජීවන්ත – 0702132612
රවිඳු – 0716366582
අනුරංග -0716929048

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2018 09:39

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්