වැටුප් වැඩි කරන ලෙස දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් කළ ඉල්ලීම සළකා බලා රාජ්‍ය සේවයේ වැටුප් විශමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පත් කළ කොමිසම පළමු වරට හෙට රැස් වනවා. එහිදී කොමිසමේ නිලධාරීන්ට අදාළ විෂයන් බෙදා දීමට නියමිත අතර සිදු කළ යුතු කටයුතු පිළිබදවද වැඩිදුර සමාලෝචනයක් සිදු කෙරෙනවා.
පහළොස් දෙනෙකුගෙන් යුතු මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ එස් රනුක්ගේ මහතායි. දුම්රිය වෘත්තීය සමිතිවල ඉල්ලීම් සළකා බලා විසදම් ලබා දීමට ජනාධිපතිතුමා ඇතුළු රජය සක්‍රීයව දායක වී සිටිනවා. එසේ තිබියදීත් දුම්රිය සේවකයින් යළිත් වර්ජනයකට සූදානම් වන්නේ පටු දේශපාලන අවශ්‍යතා පමණක් පදනම් කර ගනිමින් බවටයි ජනතාව චෝදනා කරන්නේ. දුම්රිය සේවක වැටුප් විශමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය රියදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කළේ පෙර දැනුම් දීමකින් තොරව දුම්රිය වර්ජනයක් සිදු කරන බවයි. මහජන මුදලින් නඩත්තුවන සේවයක් පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගැනීම සම්බන්ධයෙන් මේ වනවිටත් මහජන විරෝධයන් මතුවන්නේ මෙම වර්ජන තුළ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිවීම හේතුවෙන්. රාජපක්ෂ හිතවාදීන් සාමාන්‍ය ජනතාව බිල්ලට ගෙන ඒ මුවාවෙන් රජය අපහසුතාවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට මේ වනවිට ජනතාවගෙන් චෝදනා එල්ලවන්නේ ද එවැනි තත්ත්වයක් තුළයි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා පළමු ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිත එළඹෙන 29 වැනිදා රාජපක්ෂවරුන්ට හිතවත් දුම්රිය සමිති නියෝජිතයින් පිරිසක් වර්ජනයක් අරම්භ කිරීමට සැරසීමේ අරමුණ එම සංවර්ධන සංග්‍රාමය කඩාකප්පල් කිරීම බවට ද තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා. දුම්රිය වෘත්තීය සමිති ඉල්ලීමවලට අනුව වැටුප් වැඩි කිරීමක් සිදු කළහොත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඇතුළු සේවා විසි අටක වැටුප් අර්බුදයක් ඇති වීමවැළැක්විය නොහැකි බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා.
අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Wy2QRw1IDJ4&feature=youtu.be”]
පසුගිය රජය සමයේ හිතුමතේ සිදු කළ ක්‍රියා හේතුවෙන් මතු වී ඇති රාජ්‍ය සේවක ගැටළු වහාම නිරාකරණය කිරීමට රජයේ මූලික අවධානය යොමුව තිබෙනවා. එවැනි පසුබිමක් රජය නිර්මාණය කර තිබියදීත් දුම්රිය සේවකයින් මෙලෙස හැසිරෙන්නේ වෘත්තීය අරගලයක් වෙනුවෙන් නොව සමස්ත රටේ සංවර්ධනයට එරෙහි වෙමින්.