fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රෝහල් පද්ධතිය පරිගණක ගත කිරිම කඩිනමින්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2018 16:58

රෝහල් පද්ධතිය පරිගණක ගත කිරිම කඩිනමින්

ඉදිරි මාස නවයක කාලය කාලය තුළ මුළු රෝහල් පද්ධතියම පරිඝණකගත කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ආමාත්‍ය  රාජිත සේනාරත්න මහතා පවසනවා. ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමයේ හැට එක් වන වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. නවීන තාක්ෂණයේ සෑම අංගයක්ම මෙරට සෞඛ්‍ය පද්ධතියට  හදුන්වා දීම තම අරමුණ බවද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියා.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යාපීඨයේ වෛද්‍ය රසායනාගාර විද්‍යා අංශ ප්‍රධානී ආචාර්ය කේ ඒ ශ්‍රියානි මහත්මිය මෙහිදී ඇගයීමට ලක් වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ්, කාට්සු ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ සභාපති ආචාර්ය ජගත් සෙනෙවිරත්න, මහාචාර්ය නෙලුකා ප්‍රනාන්දු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2018 16:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්