fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදන් හෑරූ 15ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2018 14:33

නිදන් හෑරූ 15ක් අත්අඩංගුවට

වේයන්ගොඩ, ගල්ගමුව ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පහළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සදහා භාවිත කළ එස්කැවේටර් යන්ත්‍රයක් යොදා ගනිමින් නිධන් හෑරීම සිදු කර ඇති බවටයි පොලීසිය ප්‍රකාශ කරන්නේ.

වේයන්ගොඩ, ගල්ගමුව ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ජයසුන්දරාරාම විහාරස්ථානයට අයත් පිංකුඹුර ප්‍රදේශයේ නිධාන් හෑරීමට සැකකරුවන් ක්‍රියාකර තිබෙනවා.  එම ස්ථානය වැටලීමට ලක් කළ පොලීසිය එහි තිබී උපකරණ රැසක්ද සොයා ගත්තා. අත්අඩංගුවට ත් සැකකරුවන් මොණරාගල, ඇල්පිටිය, බණ්ඩාරවෙල මාතර සහ වේයන්ගොඩ ප්‍ර දේශවල පදිංචිකරුවන්. සැකකරුවන් ළග තිබී රන් මංජුසාවක්ද පොලීසිය සොයා ගත්තා. සැකකරුවන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්  කිරීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2018 14:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්