හතලිස් එක්වන සිග්නිස් සම්මාන උළෙල බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී ඊයේ (25) පැවැත්වුණා. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙනුයි සම්මාන උළෙල පැවැත්වුණේ.
මෙවර සිග්නිස් සම්මාන උළලේ 2017 වසරේ නිර්මාණශිලි සහය නළුවාට හිමි සම්මානය හිමි වුණේ ධර්ම යුද්ධය චිත්‍රපටයේ විමල්ගේ භුමිකාව රගපෑ කුමාර තිරිමාදුරටයි. සහය නිළිය සම්මාන හිමි වුණේ ප්‍රේමය නම් චිත්‍රපටයේ හෙදි ඉනෝකාගේ භුමිකාව රගපෑ සුරංගා රණවකටයි. ධර්ම යුද්ධය චිත්‍රපටයේ හරිස්චන්ද්‍ර ගේ භුමිකාවට පන පෙවු ජැක්සන් ඇත්තනි 2017 වසරේ නිර්මාණශිලි හොදම නළුවාට හිමි සම්මානය දිනා ගත්තා. එම වසරේ හොදම නිලිය සම්මානය හිමි වුනේ ප්‍රේමය නම් චිත්‍රපටයේ සමාධිගේ භුමිකාව රගපෑ සමනලි ෆොන්සේකාටයි. 2017 වසරේ නිර්මාණශිලි ගායිකාවට හිමි සිග්නිස් සම්මානය දිනා ගත්තේ සීරජ ටෙලි නාට්‍යයේ නයිකදුරේ විසයි ගේය පද ගැයු ඉන්දිකා උපමාලියි. ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කළ බැද්දේ කුළවමිය ටෙලි නාට්‍යයේ එඩ්වින්ගේ චරිතය රගපෑ මහේන්ද්‍ර පෙරේරාට 2017 වසරේ නිර්මාණශිලි හොදම නළුවාට හිමි සම්මානය හිමි වුණා. එම වසරේ හොදම නිලියට හිමි සම්මානය හිමි වුණේ බැද්දේ කුලවමිනිය ටෙලි නාට්‍යයේ චංචලාගේ චරිතය රගපෑ නදී කම්මැල්ලවීරටයි. අයිටිඑන්හි විකාශය වු ප්‍රාණ ටෙලි නාට්‍යයේ ශබ්ද සංයෝජනය වෙනුවෙන් 2017 වසරේ නිර්මාණශිලි ශබ්ද සංයෝජනයට හිමි සිග්නිස් සම්මානය විරංග කැටපේආරච්චිට හිමිවුණා.