fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිංගප්පූරු ගිවිසුම : දේශීය ආදායමට අහිතකර භාණ්ඩ 1487ක් නිශේද ලැයිස්තුවේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2018 17:24

සිංගප්පූරු ගිවිසුම : දේශීය ආදායමට අහිතකර භාණ්ඩ 1487ක් නිශේද ලැයිස්තුවේ

සිංගප්පූරු වෙළෙද ගිවිසුම තුළ තීරු බදු ලිහිල් කිරීම පිළිබද තීරණවලට එළඹ ඇත්තේ දේශීය කර්මාන්තයට බලපෑමක් සිදු නොවන ආකාරයටයි. ගිවිසුම් ගත ලැයිස්තුවේ ඇති භාණ්ඩවල තීරු බදු සියයට 80 ක් ලිහිල් කිරීම සිදු වන්නේ ගිවිසුම් ගත කාලයෙන් වසර 12 ත් 15 ත් අතරයි. දේශීය ආදායමට ද ඉන් බලපෑමක් සිදු වන්නේ නැහැ.

මෙම ගිවිසුම ක්‍රියාත්මක කළ විට සියළුම භාණ්ඩ සදහා වෙළද තීරු බදු සම්පූර්ණයෙන්ම ඉවත් වන බව පවසන්නේ ගිවිසුම පිළිබද කිසිදු අධ්‍යනයක් සිදු නොකරන පිරිසක්. මෙමගින් තීරු බදු ලිහිල්කරණය සියයට අසූවකට සීමා කිරීමෙන් දේශීය කර්මාන්ත හා දේශීය ආදායමට ඇති විය හැකි අහිතකර තත්ත්වය වළක්වාලමින් භාණ්ඩ එක්දහස් හාරසිය අසූ හතක් නිශේද ලැයිස්තුවේ රඳවා තිබෙනවා.

ගිවිසුම ක්‍රියාත්මක වන කාලය තුළ තීරු බදු අඩු වීමෙන් සිදු වන අවාසිදායක තත්ත්වයන් ඉවත් කිරීමට හැකිවන ලෙස අවශ්‍ය පරිදි තීරු බදු ඉහල නැංවීමට හැකිවීම මෙම ගිවිසුමේ විශේෂත්වයක්. මෙම ගිවිසුම හරහා ඕනෑම භාණ්ඩයක් ගෙන ඒමට හැකි යැයි විවේචකයන් පැවසුවද එවැන්නකට මෙහි කිසිදු ඉඩක් හිමිව නැහැ. අදාළ ආනයන බලපත්‍ර හා මානව, සත්ත්ව හා ශාක ආරක්ෂණය සදහා අදාළ වන රෙගුලාසි නියමිත ආකාරයෙන්ම මෙම ගිවිසුම තුළ ද ක්‍රියාත්මක වනවා.

සිංගප්පූරුව සමග ඇති කර ගන්නා මෙම ගිවිසුම තුළින් වෙනත් රටක නිෂ්පාදනය වන භාණ්ඩ මෙරටට පැමිණීමේ අවස්ථාවන් ද අහිමි කර තිබෙනවා. මෙම ගිවිසුමෙන් තීරු බදු නිදහස් වන භාණ්ඩ මේ වන විටත් සියළුම රටවල් සදහා ඉවත් කර ඇති භාණ්ඩ වීම හේතුවෙන් බදු ආදායමට කිසිදු බලපෑමක් සිදු නොවන බව ඉතා පැහැදිලි කරුණක්.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2018 17:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්