ඇමරිකා එක්සත් ජනපදයට අයත් යූ එස් එස් ඇන්කරේජ් නෞකාව ත්‍රිකුණාමල වරායට පැමිණියා. ඇමරිකා නාවික භටයින් හාරසියයක් සහ මැරීන් භටයින් පන්සියයක් ඇන්කරේජ් නෞකාවෙන් දිවයිනට පැමිණියා. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අලුතින් පිහිටවූ ශ්‍රී ලංකා මැරීන් බලකාය සහ පුහුණු වීම් අභ්‍යාසවල නිරත වීමේ අරමුණින්.
ශ්‍රී ලංකා හමුදාව සහ ඇමරිකා හමුදාව අතර සුහදතාව වර්ධනය කරගැනීම සදහා දෙරටේ හමුදා අතර විශේෂ වැඩසටහන් ද ක්‍රියාත්මක වනවා. ඒ සදහා විෂය දැනුම හුවමාරු, මානුෂීය මෙහෙයුම්, හදිසි ආපදා මෙහෙයුම්, වෛද්‍ය පුහුණු අභ්‍යාස ආදිය ඇතුළත්. ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා නිළධාරිණියන්ගේ සහභාගීත්වයෙන් විශේෂ කාන්තා වැඩමුළුවක් ද මෙහිදී සිදු කෙරෙනු ඇති.