ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයිනේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 555 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
භූ කම්පනයෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 1500ක් පමණ වනවා. පුද්ගලයින් ලක්ෂ තුනකට අධික පිරිසක් අතුරුදන්ව සිටිනවා. භූකම්පනය රිච්ටර් පරිමාණ ඒකකයේ 6.9ක් ලෙසයි සටහන් වුණේ. ඒ හේතුවෙන් දහස් ගණනක් ජනතාව අවතැන් වී සිටිනවා. අවතැන් වූ ජනතාවට ආහාර, නවාතැන් සහ පානීය ජලය ඇතුළු සියලු පහසුකම් සැලසීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.