සිරිලක වාරි ශිෂ්ටාචාරයේ නව ඇරඹුමක් සටහන් කරමින් ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරයේ සමාරම්භය සහ වයඹ ඇළ දෙවන අදියරේ කටයුතු අද (24) ආරම්භ වුණා. කෘෂිකර්මාන්තයත්, ගොවි ආර්ථිකයත් නගා සිටුවීමට පුළුල් වැඩ කොටසක් ඉටු වෙමින් පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළා.
සාම්ප්‍රදායික කෘෂි තාක්ෂණික ක්‍රමවේදය ඉදිරියට ගෙන යමින් මෙරට කෘෂි ආර්ථිකයේ නව පිබිදීමක් ඇතිකිරීමේ මෙම මහා වාරි සත්කාරයේ සමාරම්භය සටහන් කෙරුණේ පොල්පිතිගම කුඹුකුලාව වැව් පරිශ්රයේදීයි. ජලය ගෙන යන උමං මාර්ගය ඉදිකිරීමේ කටයුතු ද මෙහිදී ආරම්භ කෙරුණා. කළු ගල් විද මෙම උමං මාර්ගය සකස් කෙරෙනවා. එල්ලංගා වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් වැව් තුන්සීයක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි. මේ අතර වයඹ පළාතේ උතුරු කොටස වෙත ජලය සැපයීම, වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ සිදුවනවා. මහවැලි යෝජනා ක්‍රමය ආරම්භයේ පටන්ම වයඹ ගොවි ජනතාව වෙතින් ලැබුණු ඉල්ලීමක් යථාර්ථයක් බවට පත්කරමිනුයි මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ. ව්‍යාපෘති කාර්යාල ගොඩනැගිල්ල විවෘත කරමින් පළමු සමරු සටහන තැබීමද ජනාධිපතිතුමා සිදුකළා. අනතුරුව පොල්පිතිගම මහජන ක්‍රීඩාංගනයේ දී ජනහමුව පැවැත්වුණා. එහිදී ගොවි ජනතාව අමතමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මහපොළව සමග පොරබදිමින් රටට බත සපයන ගොවි ජනතාවගේ ගැටලු පිළිබද මනා අවබෝධයක් තමා තුළ පවතින බවයි. කටුක දිවි පෙවතකට හිමිකම් කියූ වයඹ ජනතාවගේ ජීවන රටාව සම්පූර්ණයෙන් වෙනස් කිරීමට, මහවැලි ජලය වයඹට හරවන වයඹ ඇල ව්‍යාපෘතිය මගින් හැකිවන බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.
[ot-video type=”youtube” url=”https://youtu.be/xS0S3Hudm84″]
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක කෙරුණු මොරගහකන්ද කළුගග සංවර්ධන ව්‍යාපෘතියේ අතුරුඵලයක් ලෙසින් වයඹ ඇල ව්‍යාපෘතිය ද ක්‍රියාවට නැංවුණා. වයඹ පළාතේ ගොවි ජනතාවට වසර ගණනාවක කාලයක් පුරා යලමහ දෙකන්නයේ කෘෂි කාර්මික කටයුතු සිදු කිරීමට අවශ්‍ය ජලය සැපයීම මෙමගින් සිදුවනවා. වයඹ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව ද සම්පූර්ණ කිරීමට ඉන් අපේක්ෂිතයි. පිරිසිදු පානීය ජලය නොමැති කමින් පැතිර යන වකුගඩු රෝගය මැඩපැවැත්වීමට ද ඉන් හැකිවනු ඇති. මහවැලි ජලය අක්කර අඩි එක්ලක්ෂ පන්දහසක් පමණ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙත මෙමගින් ගෙන යනු ඇති. ව්‍යෘපෘතිය සදහා ඇස්තමේන්තුගත කර ඇති මුදල රුපියල් මිලියන දහසය දහසක්. 2024 වසරේ දී එය නිම කිරීමට අපේක්ෂිතයි. ගොවි පවුල් දහතුන් දහස් පන්සීයකට පමණ මෙමගින් සෙත සැලසෙනවා. ප්රතිලාභ ලබන මුළු පවුල් සංඛ්‍යාව හතලිස් දහස ඉක්මවනවා. ගාමිණී ජයවික්‍රම පෙරේරා, එස් පී නාවින්න, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ඇතුළු විශාල පිරිසක් උත්සවයට එක්ව සිටියා.
කලක්තිස්සේ තමන් පිඩාවිදි ගැටලුවකට විසදුම් ලබා දීම සම්බන්ධයෙන් වයඹ ජනතාව රජයට ප්‍රසාදය පළ කළේ මේ අයුරින්.
[ot-video type=”youtube” url=”https://youtu.be/9WaPytR7HlA”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/6.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/wayaba-ela.jpg”]