fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආජන්ටිනාවේ හිටපු ජනාධිපතිනියගේ නිවාස පොලිස් පරීක්ෂාවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2018 14:55

ආජන්ටිනාවේ හිටපු ජනාධිපතිනියගේ නිවාස පොලිස් පරීක්ෂාවට

ආජන්ටිනාවේ හිටපු ජනාධිපතිනි ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස්ට අයත් නිවාස එරට පොලීසිය පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

ආජන්ටිනාවේ , පැටගෝනියා හි පිහිටි ඇයගේ නිවාස දෙකකුයි මෙලෙස පරීක්ෂාවට ලක්කෙරුණේ. ඇය ජනාධිපති ධුරය දැරූ සමයේදී අල්ලස් ලබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනවලට අදාලවයි මෙම පරීක්ෂාව සිදුකර ඇත්තේ. ඒ සදහා අධිකරණ වෛද්‍ය නිලධාරීන් , පොලිස් සුනඛයින් හා ගිනි නිවන භටයින්ගේ ද සහාය ලබාගෙන තිබෙනවා. කෙසේ වෙතත් ක්‍රිස්ටිනා ෆර්නැන්ඩස් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2018 14:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්