සුහද රග්බි තරගාවලියක් සදහා මෙරටට පැමිණ සිටියදී මියගිය බ්‍රිතාන්‍ය ජාතික ක්‍රීඩකයින් දෙදෙනාට හෙරොයින් මත්කුඩු ලබා දුන් අය අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළා.
මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වැල්ලවත්තේ පදිංචි සනත් ප්‍රේමතිලක ද සිල්වා නොහොත් මනා නමැති සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ලබන හත්වනදා දක්වායි. රෝහල්ගත කළ පළමු ක්‍රීඩකයා මිය ගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය විෂවීමෙන් බව හෙළිවුණා. අනෙක් ක්‍රීඩකයා මිය ගොස් තිබුණේ හෙරොයින් අධිමාත්‍රාවක් ලබා ගැනීමෙන් බවයි මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ. මේ අනුව හෙරොයින් සන්තකයේ තබා ගැනීම, අලෙවි කිරීම සහ සිද්ධියට අනුබල දීම යන චෝදනාවලට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළා.