තම පියා ඝාතනය කිරීමට අණ දුන් එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ මරණය තමා ඇතුළු පවුලේ අයට සතුටක් දනවන කරුණක් නොවන බව ඉන්දීය කොංග්රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි පවසනවා.
ජර්මනියේ හැම්බර්ග් නුවර පිහිටි බිසිරියස් සමර් පාසලේ පැවති දේශනයක දී ඔහු මේ බව කියා සිටියා. තම මිත්තනිය වූ ඉන්දිරා ගාන්ධි මෙන්ම පියා රජිව් ගාන්ධි ප්රචණ්ඩත්වය තුළින් ඝාතනයට ලක්වීම තම ජීවිත කෙරෙහි බලපෑමක් සිදුකර තිබෙන බව රාහුල් ගාන්ධි ප්රකාශ කළා. එහෙත් ඉදිරියට යා හැකි එකම මග වන්නේ ප්රචණ්ඩත්වයට සානුකම්පිත වීමෙන් බව රාහුල් ගාන්ධි වැඩිදුරටත් සදහන් කළා. සතුරා කෙතරම් දරුණු පුද්ගලයෙකු වුවද ඔහුට ප්රචණ්ඩත්වයෙන් පිළිතුරු දීම අන් අය කෙරෙහි ද බලපෑමක් ඇති කරන බව රාහුල් ගාන්ධිගේ අදහසයි. රාහුල් ගාන්ධිගේ මෙම ප්රකාශය වෛරයෙන් වෛරය නොසන්සිදේ යන බුදු බණ පදය සියල්ලන්ට සිහිකරන්නක්.