ඕස්ට්‍රේලියාවේ නව අග්‍රමාත්‍යවරයා ලෙස ස්කොට් මොරිසන් තේරී පත්වී තිබෙනවා.
ඕස්ට්‍රේලියා අග්‍රමාත්‍ය මැල්කම් ටර්න්බුල් සිය පක්ෂ නායකත්වයට එල්ලවූ අභියෝගයෙන් පරාජයට පත්වූ බැවින් ඔහුට එරට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වී තිබෙනවා. ඒ අනුව නව අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ ඔහුගේ පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ ස්කොට් මොරිසන්ටයි. පක්ෂය තුළ තමාට පැවති සහයෝගය අහිමි වීම නිසා අග්‍රාමාත්‍ය ටර්න්බුල් නායකත්වය සදහා ඡන්දයක් ප්‍රකාශයට පත් කළා. එහිදී ඔහු පරාජයට පත්වුණා. ජයග්‍රහණය හිමි වූයේ ස්කොට් මොරිසන්ටයි. ඒ අනුව මැල්කම් ටර්න්බුල් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූණා. නව අගමැති ලෙස ස්කොට් මොරිසන් පත්වුණා.