බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු නඩුව අද විභාගයට ගැනීමට නියමිතයි.විශේෂ අධිකරණයේ පළමු නඩුව ලෙස විභාගයට ගැනීමට නියමිතව තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු 04 දෙනෙකුට එරෙහි නඩුවයි.
ලිට්රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට ලබාදුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීති නිරෝධී ලෙස ආයෝජනය කිරීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා. මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා කරමිනුයි මෙම නඩුව පවරා ඇත්තේ. ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප්‍රථම විනිසුරු මඩුල්ල ලෙස කොළඹ මහාධිකරණයේ විනිසුරුවරුන් වන සම්පත් විජේරත්න , සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් කටයුතු කරනු ඇති.