ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ සමීප හිතවතෙකු වූ මයිකල් කෝහෙන්ට විරුද්ධව චෝදනා එල්ලකර තිබෙනවා.මයිකල් කෝහෙන් ජනාධිපති ට්‍රම්ප් සමග දශකයකට වැඩි කාලයක් ඉතා සමීපව කටයුතු කළා. නීතීඥයෙකු වන කෝහෙන් ට්‍රම්ප්ගේ ගනුදෙනු රැසකට සම්බන්ධ පුද්ගලයෙක්. පසුගිය ඇමෙරිකා ජනාධිපතිවරණ සමයේදී සිදුකළ නීතිවිරෝධී ගනුදෙනු සම්බන්ධයෙන් අධිකරණය හමුවේ මයිකල් කෝහෙන් වරද පිළිගත්තා.
එම නීති විරෝධී කාර්යයන් සදහන් කළේ එවක ජනාධිපති ධුර අපේක්ෂකයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුදැනුම මත බවයි කෝහෙන් අධිකරණය හමුවේ කියාසිටියේ. කෙසේ වෙතත් මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන්කර තිබෙනවා. එසේම සිය චරිතය ඝාතනය කිරීමේ අරමුණෙන් කෝහෙන් අසත්‍ය පුවත් මවන බවටයි ඇමෙරිකා ජනාධිපතිවරයා චෝදනාකර ඇත්තේ.