රුපියල් මිලියන හැත්තෑවක් වටිනා ක්‍රීඩා භාණ්ඩ විනාශ වන අයුරින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගොඩගසා තිබෙනවා. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රීඩා ශක්ති හා ක්‍රීඩා කෞෂල්‍යය වැඩසටහන් යටතේයි මේවා ආනයනය කර ඇත්තේ. ඒ, මීට වසරකට පමණ පෙරයි. එතැන් සිට ක්‍රීඩා භාණ්ඩ තවමත් අවිධිමත් ලෙස ගොඩගසා තිබෙනවා. කන්ටේනර් හතරකයි මේවා පුරවා ඇත්තේ.
අව්වැසි වලට ලක්වෙමින් එම කන්ටේනර් තිබෙන අයුරු දැකගත හැකියි. මෙම ක්‍රීඩා භාණ්ඩ තමන්ට ලබාදෙන ලෙස පාසල් හා ක්‍රීඩා සංගම්වලින් ඉල්ලුම් කළද එම ඉල්ලීම නොසලකා හැර ඇති බවට චෝදනා එල්ල වනවා. වොලිබෝල් හා දැල්, ක්‍රිකට් උපකරණ, නෙට්බෝල්, හෑන්ඩ් බෝල්, හොකී පිති හා බෝල, අභ්‍යාසක බෝල, කැරම් බෝඩ්, හා විරාම ගටිකා මෙලෙස විනාශ වීමට ඉඩහැර තිබෙනවා. මේ පිළිබද විමසීම සදහා අදාළ නිලධාරියෙකු සම්බන්ධකර ගැනීමට අප උත්සාහ කළද එය අසාර්ථක වුණා.