ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යන මහත්වරුන්ගෙන් පැය අටකට ආසන්න කාලයක් අද (23) ප්‍රශ්න කෙරුණා. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා කේටරින්, මිහින් ලංකා යන ආයතනවල පසුගිය සමයේ සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කරන ජනාධිපති කොමිසමට අනුබද්ධ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීනුයි මෙම ප්‍රකාශ ලබා ගත්තේ.
අදාළ ආයතනවල සිදුවූ බව කියන දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට විශේෂ ජනාධිපති පරික්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කොමිසම නිකුත්කළ නොතීසියකට අනුව නිශාන්ත වික්‍රමසිංහ සහ කපිල චන්ද්‍රසේන යන මහත්වරුන් කොමිසම හමුවේ පෙනී සිටියා. ඔවුන් අද (23) පෙරවරු 8.30 ට පමණයි කොමිසම හමුවට පැමිණියේ. කොමිසමේ විමර්ශන අංශයට ඔවුන් කැදවාගෙන ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව දිවා ආහාරය ලබා ගැනීම සදහා කල්තැබුණා. නැවතත් සවස්වරුවේ ද ඔවුන් ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සිදුකළ බවයි අප වාර්තාකරුවන් පැවැසුවේ.