fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2018 17:53

පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේ

පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේදී සිදුකරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ විවිධ අයකිරීම් පනස් තුනකට අදාළව මිල නියාමනය කිරීම සිදුවනු ඇති. ඊට අදාළ අවසන් ලේඛනය කඩිනමින් සකස් කරන ලෙසට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබාදී තිබුණා. ඒ අනුව අවසන් වාර්තාව ඉදිරි දෙදින තුළ සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතයි. ඉන් පසු මිල නියාමනයට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් ප්‍රකාශයට පත්කරන බවයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ.

ශල්‍යකර්ම, රසායනාගාර පරීක්ෂණ, දරු ප්‍රසූත ගාස්තු ඇතුළු විවිධ අයකිරීම් මේ යටතේ නියාමනය කෙරෙනු ඇති. ජනතාවට වඩාත් සාධාරණ සහ ගුණාත්මක ආකාරයෙන් සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ වත්මන් රජයේ වැඩපිළිවෙළ යටතේයි මෙය සිදු කෙරෙන්නේ. යහපාලන රජය පත්වීමෙන් පසු පොදු ජනතාවගේ යහපත උදෙසා ඖෂධ මිල ද විශාල වශයෙන් පාලනය කළා.

වෛද්‍ය අනිල් ජාසිංහ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්,

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2018 17:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්