ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ බදු ප්රතිපත්තිවලට එරෙහිව ලෝක වෙළද සංවිධානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව චීනය පවසනවා.
ඇමෙරිකා – චීන වෙළද යුද්ධය තවත් උත්සන්න කරමින් චීන භාණ්ඩ් 280කට බදු පැනවීමට ඇමෙරිකාව කටයුතු කළා. මෙම බදුවල වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන 16 ක්. චීනයද ඊට ප්රතිචාර දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරන භාණ්ඩ සදහා සියයට 25 ක පමණ බදු ප්රතිශතයක් පනවා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. චීනය නිවේදනය කර ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක වෙළද සංවිධානයේ නීති රීති උල්ලංඝනය කරන බවයි.