fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපහාස වන memes හැදුවොත් ඔබට රුසියාවේ සිරගතවෙන්න වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2018 12:57

අපහාස වන memes හැදුවොත් ඔබට රුසියාවේ සිරගතවෙන්න වෙයි

සමාජ මාධ්‍ය වල ආගම්වලට සහ පුද්ගලයින්ට අපහාස වන අයුරින් විවිධ විකෘති දෑ පළ කිරීමට දැඩි දඬුවම් ලබාදෙන්න රුසියාව කටයුතු කරීම ලෝකයේම අන්තර්ජාලය භාවිත කරන්නන් අතර මතභේදයට තුඩුදෙන මාතෘකාවක් වෙලා. සයිබීරියාවේ, බාර්නාල් නගරයේ 23 හැවිරිදි මාරියා මොටියුස්නා දැනටමත් රුසියානු අන්තවාදීන්ගේ සහ ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

කන්‍යා සොයුරියන් සේ හැඳගත් තරුණියන් 4දෙනෙක් දුම්පානය කරන රූපයක් ඇය “Quick, while God isn’t looking!” ලෙස නම් කර රුසියාවේ විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන VKontakte හෙවත් VK හි පළ කිරීම නිසා ඇය වරදකාරියක් කර තිබෙනවා. “මං හිතුවෙ විහිළුවක් කියලා. මං සමූල ඝාතනයක් කළේ නෑ. නිකන් funny පිංතූරයක් post කළා විතරයි”පොලිස් පරීක්ෂණයකට ලක්ව සිටින බව මරියා මුලින්ම දැනගත් වේලාවෙ කිව්වෙ එහෙමයි.එහෙත් එය විහිළුවක් නොවේ. ඇත්ත වශයෙන්ම, ඇගේ කතාව රුසියාවේ ජාතික සිරස්තල බවට පත්වුණා. අගෝස්තු 28 වෙනිදා පැවති මූලික නඩු විභාගයෙන් පසුව ඇයට අධිකරණය මගින් හය වසරක සිර දඬුවම් නියම කර තිබෙනවා. ‘Orthodoxy’ රුසියානු ඕතඩොක්ස් ඇදහිමට එරෙහි ද්වේෂ සහගත ප්‍රකාශයන් කිරීම සාපරාධී වරදක් වනවා.

ඒ විතරක් නෙවෙයි දැනටමත් තවත් බොහෝදෙනෙක් මේ ප්‍රශ්නයට මුහුණ දීලා. සයිබීරියාවේ වයස අවුරුදු 19ක් වන ඩැනියල් මාර්කින් කියන්නේ සිනමාව පිළිබඳ හදාරණ සිසුවෙක්. ඔහු පිළිබඳ වසරකට අධික කාලයක් තිස්සේ කළ විමර්ශන වලින් අනතුරුව වසර 5ක සිරදඬුවමක් නියම වුණා. Game of Thronesහි ජෝන් ස්නෝ සේසුස් වහන්සේගේ රුවට සමාන බවපෙන්වන විකෘති රූපයක් පළ කිරීමේ චෝදනා මත ඔහු වරදකරු කර තිබුණා.  මේ තත්වය යටතේ රුසියා සමාජ මාධ්‍ය නිදහස පිළිබඳව ලෝකයට ප්‍රශ්නයක් කියල සමහරු කියද්දී එය සමාජ මාධ්‍යවල යහපත්ව හැසිරීමට හොඳ ආදර්ශයක් කියල තවත් අය කියනවා. මේ නීති අපේ රටේ ක්‍රියාත්මක වුනොත් ???

 
ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2018 12:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්