fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අඹගමුව ප්‍රාදේශිය සභාව උණුසුම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2018 12:01

අඹගමුව ප්‍රාදේශිය සභාව උණුසුම්

අඹගමුව ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු පැය භාගයක කාලයක් සභා රැස්වීම වර්ජනය කර තිබෙනවා.

අඹගමුව ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම පැවැත්වුණේ සභාපති ජයසංඛ පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනි. ඉකුත් සභා රැස්වීමේ වාර්තාව අනුමැතිය ලබා ගැනීම සදහා සභාපතිවරයා ඉදිරිපත් කළ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රී හෙලප්‍රිය නන්දරාජ මහතා විරෝධතාව දක්වා තිබෙනවා. මුදල් කමිටුව සිදු කළ ගෙවීම් වාර්තාවේ පිටපතක් තමා වෙත නොලැබුණු නිසා අධ්‍යයනකින් තොරව මාසික සභා වාර්තාව අනුමත කළ නොහැකි බවයි ඔහු සදහන් කළේ. නන්දරාජ මහතා සභාව තුලදීම හිසේ කළු පටියක් පැළද රැස්වීම් ශාලාවෙන් පිටතට පැමිණ විනාඩි 30 ක පමණ කාලයක් විරෝධතාවක් දැක්වූවා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2018 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්