ශ්රී ලංකා පන්දුවාර විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 18 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට දඹුල්ල කණ්ඩායම මෙහෙයවූ ඉසුරු උදාන තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 202 ක් ලබාගත්තා. අශාන් ප්රියංජන ලකුණු 108 ක් ඉණිමට එක්කළා. පිළිතුරු ඉණිම ක්රීඩා කළ මහනුවර කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වුණේ ලකුණු 184 ක් පමණයි. කඩුලු දෙක බැගින් දවා ගැනීමට ඉසුරු උදාන හා ශෙහාන් මදුෂංක සමත්වුණා.