හජ් වන්දනාව වෙනුවෙන් ලොව පුරා සිටින මිලියන දෙකකට අධික ඉස්ලාම් බැතිමතුන් පිරිසක් මක්කමට පැමිණ සිටිනවා. අරාබි රටවල හජ් උත්සවය ඊයේ (21) පැවැත්වුණා. දකුණු ආසියාතික බොහෝ රටවල හජ් උත්සවය සැමරීම අද (22) දිනයේ සිදු කෙරෙනවා. දින කිහිපයක සිට සවුදි අරාබියේ පිහිටි මක්කමට ලොව නන් දෙසින් ඉස්ලාම් බැතිමතුන් පැමිණෙමින් සිටිනවා. එම පිරිසට අවශ්‍ය පහසුකම් සැලසීමට සවුදි බලධාරීන් ක්‍රියා කළා. ගැටුම් පවතින රටවලද හජ් උත්සවය පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සිරියාවේ මෙන්ම ගාසා තීරයේද හජ් සැමරුම් උත්සව පැවැත්වුණා. මෙම ආගමික වතාවත් සදහා විශාල පිරිසක් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.