fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2018 11:28

ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කෙරෙනවා.

පළමු රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රී 7.37 ට යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය කිරීම ආරම්භ කෙරුණා. නැදුන්ගමුවේ රාජා හස්තියා කරඬුව වැඩම කරවීම සිදු කළා. ඉන්දිරාජා හස්තියා හා කතරගම වාසනා හස්තියා දෑලේ ගමන් කළා. අලි ඇතුන් මෙන්ම නර්තන කණ්ඩායම් රැසකගේ සහභාගිත්වයෙනුයි පෙරහැර පැවැත්වෙන්නේ. පළමු රන්දෝලි පෙරහැර නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටියා. විදෙස් සංචාරකයින් ද ඒ අතර වනවා. අවසන් රන්දෝලි පෙරහැර ලබන 25 වනදා වීථි සංචාරය කිරීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2018 11:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo