මනම්පිටිය ප්‍රදේශයේ ගිනි තබා විනාශ කළ බෝට්ටු වෙනුවෙන් ඒවායෙහි හිමිකරුවන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙන් සහන සැලසීමට පියවර ගෙන තිබෙනවා.
මහවැලි ගගේ වම් ඉවුරේ මනම්පිටිය ප්‍රදේශයේ වැලි ගොඩදැමීම සදහා යොදාගත් බෝට්ටු 25 කට පසුගියදා කිසියම් පිරිසක් ගිනිතබා විනාශ කළා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ පිළිබද සොයා බැලීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගත්තා. ඒ අනුව විනාශ වූ බෝට්ටු සදහා නව බෝට්ටු ලබාදීමට තීරණයකර තිබෙනවා. එමෙන්ම බෝට්ටු සදහා නව රක්ෂණාවරණයක් ඇති කිරීමටත් නියමිතයි. බෝට්ටු ගාල්කර තබන ස්ථාන හදුන්වාදීම සදහා ද ක්‍රියාකරන බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා ප්‍රකාශ කරන්නේ. බෝට්ටු ලබාගැනීම සදහා රුපියල් පනස්දහස බැගින් මුදලක් කඩිනමින් ලබාදීමට ද පියවර ගෙන තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=s4ICeB9wmp8&feature=youtu.be”]
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Tsn1fkr1WGY&feature=youtu.be”]