fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හබරන රක්ෂිතයේ ගින්නකින් අක්කර 100ක් විනාශ වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2018 10:01

හබරන රක්ෂිතයේ ගින්නකින් අක්කර 100ක් විනාශ වෙයි

මින්නේරිය ජාතික වනෝද්‍යානයට අයත් ගල්ඔය , හබරන රක්ෂිත කලාපයේ ඇතිවූ ගින්නකින් අක්කර සියයකට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

පවතින වියළි කාලගුණය හේතුවෙන් ගින්න විශාල ප්‍රදේශයක් පුරා පැතිර ගියා. ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදාව , යුදහමුදාව , පොලීසිය සහ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් පැය හතරකට අධික කාලයක් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. මෙම රක්ෂිතයට ගිනි තැබීමේ අවස්ථා කිහිපයක් පසුගිය කාලයේ වාර්තා වුණා. ගින්න හේතුවෙන් වන අලි වෙනත් ප්‍රදේශකරා ගමන් කරමින් සිටින බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2018 10:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්