වෙනිසියුලාවේ උතුරුදිග වෙරළ තීරයේ රිච්ටර් පරිමාන ඒකක 7.3ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. වෙනිසියුලාවේ කරාකස් අගනුවරට ද මෙහි බලපෑම් එල්ල වී ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කරන්නේ. භූ කම්පනයෙන් කිසිදු ජීවිත හානියක් පිළිබද මෙතෙක් වාර්තා වී නැහැ. දේපළ හානි පිළිබද වාර්තා ලැබෙමින් පවතිනවා. මෙම භූ කම්පනයෙන් පසු පසු කම්පන තුනක් සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අනතුරුදායක ප්‍රදේශයෙන් ජනතාව කඩිනමින් ඉවත් කිරීමට වෙනිසියුලා බලධාරීන් පියවර ගත්තා. කෙසේ වුවද සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර නැති බවයි ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කරන්නේ. මෙම භූ කම්පනයේ කෙන්ද්‍රස්ථානය කරුපනො නගරය බවට හදුනාගෙන තිබෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/quake.jpg”]