fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහින්දට අමතක වෙන්න හේතුව

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2018 18:18

මහින්දට අමතක වෙන්න හේතුව

පසුගිය ආණ්ඩුව සමයේ පැහැර ගැනීම් රැසක් සිදු වූ බැවින් මාධ්‍යවේදී කීත් නොයාර් මහතාගේ පැහැර ගැනීම මහින්ද රාජපක්ෂ මහතාට අමතක වන්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කොට්ටාව, කටුකුරුන්ද ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක,

නේෂන් පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් මහතා පසුගිය ආණ්ඩුව සමයේ පැහැර ගෙන වද හිංසා පැමිණවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළා. එම සිද්ධිය පිළිබද තමන්ට මතක නැති බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බවයි නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක් වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ. සාක්ෂිකරුවන් මෙසේ තමන්ට මතක නැති බව ප්‍රකාශ කිරීම ඉදිරි විමර්ශනවලට බාධාවක් බවයි අධිනීතිඥවරිය ප්‍රකාශ කළේ.

එමෙන්ම ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය කියා සිටියේ සාක්ෂිකරුවන්ට මේ අයුරින් අමතකවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනමම විමර්ශනයක් සිදුකළ යුතු බවයි. පැමිණිලි පාර්ශ්වය කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් සාක්ෂි විමසිය යුතු බව අධිකරණයේදී තහවුරු කළහොත් ඔහුට අධිකරණයට පැමිණිය යුතු වනවා. එමෙන්ම සිද්ධිය මතක නැති බව එහිදී ප්‍රකාශ කිරීමට ඔහුට සිදුවන බවද නීති විශාරදයින් කියා සිටිනවා. රාජපක්ෂ මහතා මෙසේ මතක නැති බව අධිකරණයේදී ප්‍රකාශ කළහොත් ඔහුට බරපතල පාඩුවක් සිදුවනවා. පැමිණිල්ලේ නීතිඥයන්ට එවැනි කරුණක් අධිකරණය නොමග යැවීමක් ලෙස පහසුවෙන් ඔප්පු කිරීමට හැකියාව ඇති බවද නීති විශාරදයින් පෙන්වා දෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොමග යැවිම් සිදුකළද අධිකරණයේදී එය පහසු වන්නේ නැති බවයි සදහන් වන්නේ. කෙසේ වුවද සාක්ෂි ලබාදීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවට පැමිණි රාජපක්ෂ මහතා කීත් නොයාර් නිදහස් කිරීම නරකද යනුවෙන් විමසීමෙන් පෙනී යන්නේ හිටපු ජනාධිපතිවරයාට ඒ පිළිබද හොද මතකයක් තිබූ බව යැයි බොහෝ දෙනා ප්‍රකාශ කරනවා. මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී අපරාධ නඩුවලට සම්බන්ධ පුද්ගලයන්ට මෙසේ අමතකවීමේ රෝගයක් පැවති බවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතන නඩුවේදී ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ප්‍රකාශ කළේ තමන්ට එය අමතක බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2018 18:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo